Category Archives: News

Latest News & Events

නව මීසම් භාර පියතුමා පිළිගැනීම

කුරුකුලාව හා තුඩුවේගෙදර මීසම් වෙනුවෙන් අලුතින් පත් කළ නව මීසම් භාර පියතුමා වන ගරු ෆ්‍රැන්සිස් ෆොන්සේකා පියනම පිළිගැනීම 2013 මැයි මස 12 වන දින පැවැත්විණ.

ගරු ප්‍රසාද් පොන්නම්පෙරුම පියතුමාගේ අභිනන්දනය

වසර 5ක විශිෂ්ට සේවා කාලයක් අවසන් කළ ගරු ප්‍රසාද් පොන්නම්පෙරුම පියතුමා වෙනුවෙන් අභිනන්දන උත්සවයක් මැයි මස 5වන ඉරුදින දිව්‍ය පූජා වේලාවෙහිදී සැමරිණ. මෙහිදී, මීසම් වාසීන් නියෝජනය කරමින් කළ ස්තූති කතාවෙහි එතුමාගේ සේවය අගය කළේය. Continue reading

සමිති සමාගම්-නත්තල් හමුව

කුරුකුලාව දේවස්ථානයේ කතෝලික සමිති එකතුව සංවිධානය කල නත්තල් කැරොල් ගායනය 2012, දෙසැම්බර් මස 27 වන දින දහම් පාසල් ශාලාවෙහිදී පැවැත්විණ. මෙහිදී, එක් එක් සමිති විවිධ අංගයන් ඉදිරිපත් කළෝය. Continue reading

දහම් පාසල් කැරොල් ගායනය 2012

අප දේවස්ථානයේ දහම් පාසල් දරුවන්ගේ චාරෝල් ගායනය 2012 දෙසැම්බර් මස 15වංඅ දින දහම් පාසල් ශාලාවෙහිදී පැවැත්විණ. මෙහිදී, දූ දරුවන්ගේ ගායන අංග රැසක් එලි දැක්වුණ. Continue reading

විශ්වාසයේ වසර ප්‍රකාශයට පත් කිරීම

16 වන බෙනඩික්ට් පාප් වහන්සේ විසින් එතුමාගේ ‘විශ්වාසයේ දොරටුව’ (Porta Fidei) නම් අපෝස්තලික සංදේශයෙන් මෙම විශ්වාසයේ වසර ප්‍රකාශයට පත් කරන ලදී. එතුමා ප්‍රකාශ කරන ලද්දේ 2012 ඔක්තොම්බර් 11 වන දින සිට මෙම වසර ආරම්භ වී 2013 නොවැම්බර් මස 24 වන දින අවසන් වන බවයි.  Read full article

2012 ලෝක ළමා දින සැමරුම

ඔක්තොම්බර් 01 වන දිනට යෙදී ඇති ලෝක ළමා දිනය කුරුකුලව සා.ලාසරස් දේවස්ථානයේ සමරනු ලැබුයේ ඔක්තොම්බර් මස් 07 වන දින ය. එහිදී, දහම් පාසල් ගුරු මඬුල මගින් සංවිධානය කරන ලද විවිධ ක්‍රියාකාරකම් වලට මීසමේ දරු දැරියන් සහභාගී විණ. Read more…