කුරුකුලාව ශා. ලාසරස් දේවස්ථානයේ නිල වෙබ් අඩවියට ඔබ සාදරයෙන් පිළිගනිමු!
කුරුකුලාව ශුද්ධවූ ලාසරස් දේවස්ථානය පිහිට ඇත්තේ කුරුකුලාව ග්‍රාමයේ මධ්‍යයේය. මෙම දේවස්ථානය 1926 සැප්තැම්බර් 13 වන දින විවෘත වූ බව කියවේ. තවද, මෙය එවකට සිටි කුරුකුලාව ජනතාවගේ ආධාරයෙන් නිමවූ බවද කියවේ.
අප දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සමරනු ලබන්නේ සෑම වසරකම සැප්තැම්බර් මස පළමු ඉරුදිනය. වර්තමාන මීසම් භාර පියතුමා වන ගරු. ප්‍රසාද් පොන්නම්පෙරුම පිය විසින් පසුගිය වසරේ අප දේවස්ථානය අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලදී.
මීසම් භාර පියතුමාගේ පණිවිඩය
මා ප්‍රියාදර සහෝදරවරුනි,
"අප මීසමේ නිළ වෙබ් අඩවියට ඔබ සාදරයෙන් පිළිගනිමු. අප මීසමේ දේවස්ථාන දෙකකින් සමන්විත වේ. එනම්, කුරුකුලාව ශා.ලාසරස් දේවස්ථානය සහ තුඩුවේගෙදර ශා. ජූඩ් දේවස්ථානය වේ. මෙහි වාසය කරන සිංහල කතෝලික ජනතාව සෑම සතියකම දිව්‍ය පුජාවන් මෙම දේවස්ථානයේ පවත්වයි.
අප වෙබ් අඩවිය නරඹන ඔබට මෙහි ඇති දත්ත ඕනෑම කියව තාම දැනුම වර්ධනය කර ගත හැක. මෙහි ඔබට දේවස්ථානයේ සතියේ දිව්‍ය පූජාවන්, සතියේ විශේෂ දැන්වීම්, මරණ දැන්වීම්, විවාහ මංගල්‍යයන්, ප්‍රසාද ස්නාපන, ඡායාරුප නැරඹීමට, පුවත් හා සිදුවීම් වැනි බොහෝ දේ දැක ගත හැක.
මෙම වෙබ් අඩවිය ඔබ සැමට ප්‍රයෝජනවත් වනු ඇතැයි මම සිතමි. තවද, ඔබට යම් අවශ්‍යතාවක් ඇතොත් මා හමු වීමට පසුබට නොවන්න.
දෙවි පිහිටයි!
මීසම් භාර පියතුමා,
ගරු. ප්‍රසාද් පොන්නම්පෙරුම.